පොඩි ලැසීගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් "පොඩි ලැසීගේ" සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වේ.
මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිත කර තවත් අපරාධ රැසකට සුදානම් වෙමින් සිටින බවට ලද තොරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මීගහවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමක දී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී මිලි මීටර් 38 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සහ එම අවියට යොදන ජීව උණ්ඩ ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
178 Views
Comments