මොනරාගලින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරනවා.
මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද ඔහු පැවසුවා.
ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු බව ද හෙළි වී තිබෙනවා.
මේ වන විටත් ඔවුන් ඍජුව ඇසුරු කළ පුද්ගලයන් අට දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 60 දෙනකු ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බවත් වාර්තා වනවා.
747 Views
Comments