කඨින චීවර රාජ්‍ය පුණ්‍ය මහෝත්සවය සෝමාවතී රාජමහා විහාරයේදී අද සහ හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

කඨින චීවර රාජ්‍ය පුණ්‍ය මහෝත්සවය සෝමාවතී රාජමහා විහාරයේදී අද සහ හෙට

කඨින චීවර රාජ්‍ය පුණ්‍ය මහෝත්සවය සෝමාවතී රාජමහා විහාරයේදී අද සහ හෙට

පෞරාණික චාරිත්‍රානුකූලව කඨින චීවර රාජ්‍ය මහා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් සෝමාවති රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් අද (7) සහ හෙට (8) ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

 

වියා නිමකරන ලද චීවර වස්ත්‍රය සැදැහැවතුන්ගේ පුජෝපහාර සහිත මහ සඟරුවන දේශනා කරනු ලබන මහා රතන සූත්‍ර දේශනාව මධ්‍යයේ මැදිරිගිරියේ සිට දර්ශනීය පෙරහරකින් සෝමාවතී රජමහා විහාරය සමීප පොලිස් නිල නිවාසයේ අද (7)තැන්පත් කිරීමට නියමිතව තිබෙන අතර අද සවස දකුණු දළදා වහන්සේ උදෙසා අෂ්ඨපාන ගිලන්පත සම්බුද්ධ පූජාව පවත්වා කොරෝනා වසංගතයෙන් අපේ රට නිදහස් වේවායි ප්‍රාර්ථනා කෙරේ.

 

අනතුරුව මහා රතනසූත්‍ර දේශනාව පැවැත්වීමටත් එකී චීවර වස්ත්‍රය විහාරස්ථානයට වැඩමවා මහ සරුවනට පිළිගන්වා, සිවුරක් බවට පත්කොට මහා සංඝරත්නයට පිළිගැන්වීමටත් නියමිතයි. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ හා ආරක්ෂක අංශවල ද සෞඛ්‍ය අංශයන්හි ද උපදෙස් අනුව සුරක්ෂිත ව එම කඨින චිවර පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට පියවර ගෙන ඇත.

 

 

views

679 Views

Comments

arrow-up