ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වූ බදු ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වූ බදු ඉහළට

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වූ බදු ඉහළට

මාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවයි.

 

පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ නංවා ඇති මෙම බදු ප්‍රතිශතයන් අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් මත අය කරන බද්ද රුපියල් 200 කි. ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127 ක් හා උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක බද්දක් පනවා ඇති බව ඇය සඳහන් කළාය.

 

ලේකම්වරිය ප්‍රකාශ කළේ, මේ දිනවල මෙරට ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවයි. ඒ අනුව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බව ඉන්දු රත්නායක මහත්මිය ප්‍රකාශ කළාය.

 

 

views

956 Views

Comments

arrow-up