අල්ලස් ගත් විදුහල්පතිවරියක් අත්අඩංගුවට

2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ(07) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාල මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව ඇත.
156 Views
Comments