FEB
19
රංගන ශිල්පී කාවිංග පෙරේරා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රංගන ශිල්පී කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළාය.
තලංගම කලල්ගොඩ වෙලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයේ හප්පා මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවයකු ජිවිතක්ෂයට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
665 Views
Comments