මේ වෙලාවේ රට වහන්න ඕනේ වුනත් රට වහන්න බෑ - අපි ලෝකෙටම ණයයි - උදය ගම්මන්පිල

මේ වෙලාවේ රට වහන්න ඕනේ වුනත් රට වහන්න බෑ අපි වැනි ණය බරෙන් මිරිකුණු රටකට රට වසාගෙන සිටීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
නව කොරෝනා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ රට වසා දැමීමට තීරණයක් ගෙන ඇත්දැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය රෝගීන් 13දෙනෙකු වාර්තා වීම හේතුවෙන් සිව් වැනි වතාවටත් අඟුළු දමා ඇති නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මාස 2කට වැඩි කාලයක් රට Lockdown කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා නැවතත් එවැනි තීරණයක් ගෙන රට වසා තැබීමේ ආර්ථික ශක්තියක් අප රටට නොමැති බව පැවසීය.
ණය කන්ද නිසා රට වහන්න බැහැ - ගම්මන්පිල
Posted by Newshub.lk on Monday, February 15, 2021
2439 Views
Comments