අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වියදම් දැරූ ලෝක කුසලාන උපහාර උලෙලටත් ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 57ක බිලක්

1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම පිණිස පසුගිය මාර්තු 17 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 57 ක මුදලක් වැය කර අැති බව මව්බිම පුවත්පත හෙළි කරයි.
මෙම උත්සවය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අරලිය ගහ මන්දිරයේ පැවති අතර එය සංවිධානය කරන ලද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසිනි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීම් ශාලාවේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එම කටයුතු වෙනුවෙන් වියදම් දරා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසිනි. 1996 ලෝක කුසලානය දිනාගත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේදී පැවති දිවා භෝජන සංග්‍රහය වෙනුවෙන් සියලුම වියදම් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දරා ඇති බවද වාර්තා වේ.
එවැනි තත්වයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 57 ක බිලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.
ඩිජිටල් තිරය, ඡායාරූප කිහිපයක් එල්ලා තැබීම ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන ලද නැටුම යන අංග තුන වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 57 ක මුදලක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කළ බවට බිලක් සකසා ඇති බවට වැඩි දුරටත් වාර්තා වෙයි.
මව්බිම ඇසුරෙනි
1136 Views
Comments