link ක්ලික් කිරීමෙන් වලකින්නැයි දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

link ක්ලික් කිරීමෙන් වලකින්නැයි දැනුම්දීමක්

link ක්ලික් කිරීමෙන් වලකින්නැයි දැනුම්දීමක්

මේ දිනවල ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර තිබේ.

 

ඒ නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩ whatsapp ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී ඇත.

 

මෙම පණිවිඩය මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ද තම සිසුන් වෙත කිසිදු සොයාබැලීමකින් තොරව හුවමාරු කොටගෙන ඇති නිසා බොහෝ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසැල් සිසුන්ද වැඩි වශයෙන් මෙම වංචනික පණිවිඩයට හසුවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වන බව වාර්තා වෙයි.

 

මෙම පණිවිඩ සමග පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් 20 කට හෝ ඊට වැඩි ගණනක් දක්වා හුවාමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබාදී රජය විසින් ප්‍රදානය කරනු ලබන දත්ත ලබාගත හැකි බව එම පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වෙනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දී තිබෙන්නේ මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකි බවයි මේ හේතුවෙන් සැක කටයුතු පණිවිඩ වල පැමිණෙන යොමු (link) ක්ලික් කිරීමට යාමෙන් වලකින ලෙස ද එම සංගමය ජනතාවට දැනුම් දි තිබේ.

 

 

views

742 Views

Comments

arrow-up