එක්දින සහ විස්සයි-20 තරගාවලියකට ශ්‍රී ලංකාව එංගලන්තයට

ජූනි සහ ජූලි මාස වලදී පැවැත්වෙන එංගලන්තය හා ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එලි දක්වා තිබෙනවා.
එම තරග සංචාරයේදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය.
පළමුවන විස්සයි-20 තරග ජුනි 23 වැනිදා කාඩිෆ් සොෆියා ගාඩ්න්හිදීද දෙවැනි තරගය ඊට පසු දින එම ක්‍රීඩාංගණයේදීම පවත් වීමට කටයුතු යොදා තිබෙනවා.
එක්දින තරගාවලිය ජුනි 29 වැනිදා ඩර්හැම්හිදී පැවැත්වෙන අතර ජූලි 04 වැනිදා බ්‍රිස්ටල්හි පැවැත්වෙන තරගයෙන් එංගලන්ත සංචාරය නිමා වනවා.
755 Views
Comments