මෙම වසරේ සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් කිසිසේත් සිදුවිය නොහැකි බවට අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

මෙම වසරේ සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් කිසිසේත් සිදුවිය නොහැකි බවට අනාවරණයක්

මෙම වසරේ සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් කිසිසේත් සිදුවිය නොහැකි බවට අනාවරණයක්

2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසයි.

 

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. රන්දික මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයෑමට හේතුවී ඇති බවය. 

 

මේ වනවිට වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සහ ඉහළ මිල හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වී තිබේ.

 

එමෙන්ම ඔහු පැවසුවේ, සහල් මිල ගණනය කිරීමේදී සහල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරුඵල සැලකිල්ලට භාජනය නොකෙරෙන බවය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ඒ. එල් රන්දික මහතා,

"සහල් ව්‍යාපාරිකයෝ සහල්වලට පමණයි පිරිවැය ගණනය කරන්නේ. සහල්වලට අමතරව සහල් කුඩු, පොතු ආදී අතුරුඵල ලැබෙනවාත දැන් ඒවටත් වෙළෙඳපොළක් තිබෙනවා. සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත්තොත් සහල් කිලෝවකට අමතර ද්‍රව්‍යවලින් රුපියල් 20ක පමණ අමතර ලාභයක් තිබෙනවා."

views

160 Views

Comments

arrow-up