DEC
21
සහල් සොරකමේ ගිය දෙදෙනෙක් මාට්ටු

සහල් කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වශයෙන් සහල් අලෙවි කරනු ලබන වෙළෙඳසැලක සහල් සොරකම් කර ඇත.
රාත්‍රී කාලයේදී ත්‍රිරෝද රථ දෙකක් යොදාගෙන සොරකම සිදුකරන ආකාරය අසල තිබූ වෙළෙඳසැලක CCTV කැමරාවක සටහන්වී තිබේ.
270 Views
Comments