දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට එකඟ නෑ - මහින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට එකඟ නෑ - මහින්ද

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට එකඟ නෑ - මහින්ද

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලිඅත්ත ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

"කොන්දේසි වගයක් දාල තියෙනව ටී එන් ඒ මන්ත්‍රීවරු දෙගොල්ලොන්ටම. මට නම් තවම ලැබුණේ නැහැ. ඒකත් කියන්න ඕනෙනේ. ලැබුනයි කියලා දෙමළ පත්තරේක දාල තියෙනවා. මට ලැබුණේ නෑ. මට ලබා ගන්න ඕනි කමකුත් නෑ. කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නෑ ටී එන් ඒ එකේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනි. අපිට රටක් තියෙන්න ඕනේ. රට කඩන්න දෙන්න බෑ. ඒක හින්දා රටේ ස්වාධීනත්වයත් ස්වෛරීත්වයත් රැකගැනීම සඳහා ඕනෑම කැපවීමක් කරන්න අපි සූදානම්."

ජනතාව පීඩාවට පත් කරන බදු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් චෝදනා කළේ.


"අද බලන්න ටෙක්ස් ගහන හැටි. බුලත් වට්ටි කාරයටත් ටෙක්ස් ගහනවා. කිරි හට්ටියක් වික්කොත් ටැක්ස් ගෙවන්න ඕනේ. ගෙයක් කුලියට ගත්තොත් කඩයක් කුලියට ගත්තොත් මාසෙකට නම් ඒකටත් ටැක්ස් එකක්. ගන්න මිනිහගේ අතිනුත් ටෙක්ස් එකක්. මේ බදු පිළිවෙළක් නැති පාරිභෝගිකයා පාගාදමන වැඩපිළිවෙළක්."

views

715 Views

Comments

arrow-up