MAR
27
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මුතුවා” ගේ නිවසට වෙඩි

විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් මුතුකුමාරණ නොහොත් 'මුතුවා' යන පුද්ගලයාට අයත් අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වෙඩි 7ක් පමණ නිවසට එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
වෙඩි තැබීමෙන් නිවසේ දොර ජනෙල්වලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ.
පසුගිය කාලයේ අතුරුගිරිය හා නවගමුව යන ප්‍රදේශවල සිදුවු අපරාධ රැසක් මුතුවා යන පුද්ගලයා විසින් මෙහෙයවූ බවට ද තොරතුරු ලැබී තිබේ.
238 Views
Comments