MCC මුදල් රජයට ලබාදීලා නැහැ - ගිවිසුම ගැන තීරණයක් ගත යුත්තේ රජයයි - අමෙරිකානු තානාපති කාර්යාලය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

MCC මුදල් රජයට ලබාදීලා නැහැ - ගිවිසුම ගැන තීරණයක් ගත යුත්තේ රජයයි - අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

MCC මුදල් රජයට ලබාදීලා නැහැ  -  ගිවිසුම ගැන තීරණයක් ගත යුත්තේ රජයයි  - අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

යෝජිත MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා වෙන් කොට තිබු අමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරිම හෝ වියදම් කිරිමක් සිදුකොට නොමැති බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.



ට්විටර් සටහනක් තබමින් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු බවයි.



MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝනය කිරීමට පත් කරනු ලැබූ විද්වත් කමිටුව සිය වාර්තාව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.



එහිදී ඔවුන් කියා සිටියේ පසුගිය රජය විසින් එම ගිවිසුමේ අදියර දෙකක් සඳහා අත්සන් තබා ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රදානයක් ලබා ගෙන තිබුනත් ඒ සම්බන්ධයෙන් ගිණුම් තොරතුරු නොමැති බවයි.

 

 

 

 

 

views

751 Views

Comments

arrow-up