අපිත් නොදැන අපිට ලෙඩ දෙන ලුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

අපිත් නොදැන අපිට ලෙඩ දෙන ලුණු

අපිත් නොදැන අපිට ලෙඩ දෙන ලුණු

තරුණ – වැඩිහිටි පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සියයට 25 ක් ඒ කියන්නේ හතරදෙනකුගෙන් එක් අයකුට අධික රුධිර පීඩනය ඇත. මීට හේතු වන්නේ වැඩිපුර ලුණු භාවිතයයි.



සාමාන්‍යයෙන් මෙරටේ පුද්ගලයන් දිනකට ලුණු තේ හැඳි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් නොඑසේනම් ග්‍රෑම් 9 ත් 12 ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනේ. තවමත් සියයට 50 ක් පමණ දෙනා බත් පිසින විට ලුණු එකතු කර ගනී.



දවසකට වැඩිහිටි පුද්ගලයකුට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දකි. එනම් ග්‍රෑම් 05 කි. දරුවන්ට අවශ්‍ය වන්නේ ඊටත් අඩු ප්‍රමාණයකි.



ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ය. ඉන් අපේ ශරීරයට වැදගත් වෙන්නේ සෝඩියම් කොටසය. පුද්ගලයකුගේ ශරීරයේ රුධිර පීඩනය, ස්නායු සමායෝජන ක්‍රියාවලිය මෙන්ම සිරුරේ විවිධ ක්‍රියාකාරීත්වයට සෝඩියම් ග්‍රෑම් 02 ක් ප්‍රමාණවත් වේ. එනම් ලුණු තේ හැන්දක ප්‍රමාණය මෙකී අවශ්‍යතාව සඳහා සෑහේ.



වැඩි වන ලුණු සමග වැඩි සෝඩියම් සිරුරට එකතු වේ. එවිට රුධිර සංසරණ පද්ධති තුළ ජලය රැඳෙන පරිමාව වැඩි වේ. එවිට එම වැඩි ජලය ශරීරයෙන් වැඩි සෝඩියම් පිට කිරීමට යෙදවේ. ඒ සඳහා හෘදයට වේගයෙන් නොකඩවා ක්‍රියාත්මක වීමට සිදු වේ. වැඩි ජලය සිරුරෙන් පිට කිරීමට වකුගඩුවලටද ක්‍රියාත්මක වීමට සිදු වේ. ඒ සමගම අනිකුත් ඉන්ද්‍රියවලද වෙනස් වීම් ඇති වේ.



දිගින් දිගටම මේ තත්ත්වය පැවැතුණහොත් රුධිර වාහිනී අභ්‍යන්තර ස්ථරයේ වෙනස්වීම් ඇති වීමට මෙන්ම ගණ වීමටද මෙය හේතු වේ. එවිට රුධිරවාහිනී තුළ ඇති ඉලාස්ටික් එනම් ඇදෙන සුළු ගතිය අඩුවී රුධිරය, හෘදය හා ඉන්ද්‍රිය වෙත ගෙන යාමට අධික පීඩනයක් යෙදීමට සිදු වේ.



හෘදයට වේගයෙන් ක්‍රියාකර රුධිරය හෘදයෙන් පිටකර ඉන්ද්‍රිය කරා යැවීමටත්,වැඩිපුර ඇති ජලය සිරුරෙන් පිට කිරීම තුළින් ශරීරයේ අභ්‍යන්තර පරිසරය සමතුලිතව තබා ගැනීමටත් විශාල ආයාසයක් දැරීමට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ එම පුද්ගලයාගේ රුධිර පීඩනය ඉහළ ගොස් ඔහු අධික රුධිර පීඩනයට ලක් වීමය.



එනිසා බත් පිසීමේදී ලුණු එකතු නොකරන්න. වෑංජන පිසීමේදී වුවද ලුණු අඩුවෙන් භාවිත කරන්න. ඒවගේම කෑම මේසයේදී ආහාර බඳුනට ලුණු එකතු කිරීමෙන් වැළකෙන්න. එළවළු,පලතුරු, පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. සකස් කළ ටින් මාළු, පෙර සැකසුම්, කල් තබා ගන්නා ද්‍රව්‍ය මුසු කළ ආහාර හැකිතාක් සීමා කරන්න. පිටි ,තෙල් , ලුණු සහිත ආහාර අවම කරන්න. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ,සෝස් වර්ගවලින් හැකිතාක් ඈත් වන්න.

 

 

 



තව කියවන්න

https://aayubo.com/si

 



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 



Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

444 Views

Comments

arrow-up