දෑවදි හුටපටයක් දුරදිග ගොස් නැන්දම්මාව අවසන් ගමන් යැවූ බෑනා අවසානයේ කරගත් දේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

දෑවදි හුටපටයක් දුරදිග ගොස් නැන්දම්මාව අවසන් ගමන් යැවූ බෑනා අවසානයේ කරගත් දේ

දෑවදි හුටපටයක් දුරදිග ගොස් නැන්දම්මාව අවසන් ගමන් යැවූ බෑනා අවසානයේ කරගත් දේ

විවාහ ගිවිස ගත් අව­ස්ථා­වේදී මහ ගේ දැවැ­ද්දට දෙන බවට මාම­ණ්ඩිය තමාට ලබා දුන් පොරො­න්ඳුව නැන්ද­ණිය විසින් ඉටු කරනු නොලැ­බීම පිළි­බඳ උරණ වූ බෑනා කෙනකු පිහි­ය­කින් ඇන නැන්ද­ණිය ඝාත­නය කර අන­තු­රුව ඔහුද ගසක එල්ලී සිය­දිවි හානි­ක­ර­ගෙන ඇත.



පොරො­න්දුව දුන් මාම­ණ්ඩිය මිය­ගිය පසු ඔවුන් පදිං­චිව සිටි මහ ගේ නැන්ද­ණිය විසින් මර­ණ­ක­රුට ලියා නොදී­මට උර­ණව මෙම ඝාත­නය කර ඇති බවට කරුණු හෙළි වූ බව ඇහැ­ළි­ය­ගොඩ පොලී­සිය සඳ­හන් කරයි.



සිය බෑනාගේ පිහි පහ­රින් බර­ප­තළ තුවාල ලබා ඇහැ­ළි­ය­ගොඩ රෝහ­ලේදී මිය­ගොස් ඇත්තේ විශ්‍රා­මික පාසල් ගුරු­ව­රි­යක වූ ඇහැ­ළි­ය­ගොඩ බුළු­ග­හ­පි­ටිය පදිංචි කේෂානි චන්දිමා ජය­ලත් නමැ­ත්ති­යයි.

 

මෙම ඝාත­න­යෙන් පැය 24ක් ඉක්ම යාමට පෙර ඝාත­කයා සිය­දිවි හානි­ක­ර­ගෙන ඇත්තේ ඉංගි­රිය ප්‍රදේ­ශයේ නාච්චි­මලේ ප්‍රදේ­ශයේ පිහිටි ඇළක් අස­ල­දීය.



මෙසේ සිය­දිවි හානි­ක­ර­ගෙන ඇත්තේ කේතුං­ගගේ නාලක චන්දි­මාල් කේතුංග (49) නමැති එක්දරු පියෙකි. සැක­කරු සහ මර­ණ­කා­රි­යගේ දිය­ණිය විවා­හ­යෙන් පසු පදිං­චිව සිට ඇත්තේ ද ඇහැ­ළි­ය­ගොඩ නි‍ෙව­සේය.



සැක­කරු ඉකුත් 27 දා පාන්දර 6.30ට පමණ තම නැන්ද­ණි­යට පිහි­යෙන් ඇන ඝාත­නය කර ඔහුට අයත් ස්කූට­ර­යෙන් පලා ගොස් ඇති බව පොලී­සිය සඳ­හන් කළේය. එසේ පලා­ගිය සැක­ක­රුගේ සිරුර ගසක එල්ලෙ­මින් තිබි­යදී හමුවී ඇත්තේ 28 වැනිදා උදෑ­ස­නය.

views

264 Views

Comments

arrow-up