අමුතු අමුතු ජාති දාලා කෑම හදලා ජනප්‍රිය වුණ “කලවැදි කොල්ලා” - ලයෝද් අත්තනායක (VIDEO)

ලයෝද් අත්තනායක.. එහෙම කියනවට වඩා කාටත් ඔහුව හුරුපුරුදු 'කලවැදි කොල්ලා' කිව්වාම.
ලී කුඩු, ගල් කුඩු දාලා ලයෝද් හදන කෑම, සමාජ මාධ්‍යයේ මේ වෙද්දි හරිම ජනප්‍රිය යි.
ඒ අතරින් Tiktok විශේෂයි. ලයෝද්ව කාටත් සමීප වෙන්නෙ Tiktok වේදිකාව හරහා.
ඔහුට තියෙනවා හරි අපූරු හඬක් වගේම වචන සෙට් එකක්. ඒ අතර 'කලවැද්දා' හරි සුවිශේෂීයි.
ඒ නිසාමයි ලයෝද් අත්තනායක කියන නමට වඩා, 'කලවැදි කොල්ලා' මැයෙන් කරන හඳුන්වාදීම කාටත් සමීප.
මේ වෙද්දි කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක් හැටියට ජනප්‍රිය ඔහු, පහුගිය දවසක සොඳුරු කතාබහකට එකතු වුණා.
290 Views
Comments