ප්‍රේමය ප්‍රතික්ෂේප කළැයි උරණ වූ චූන් පාන් රියැදුරා ඇඳුම් අල්මාරියක් ගේන්න නගරයට යමින් සිටි හිටපු හමුදා සෙබළියට කල අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ප්‍රේමය ප්‍රතික්ෂේප කළැයි උරණ වූ චූන් පාන් රියැදුරා ඇඳුම් අල්මාරියක් ගේන්න නගරයට යමින් සිටි හිටපු හමුදා සෙබළියට කල අපරාධය

ප්‍රේමය ප්‍රතික්ෂේප කළැයි උරණ වූ චූන් පාන් රියැදුරා ඇඳුම් අල්මාරියක් ගේන්න නගරයට යමින් සිටි හිටපු හමුදා සෙබළියට කල අපරාධය

කිහිප වරක් සිදුකළ ආදර ඇරැයුමක් ප්‍රතික්ෂේප කිරීම නිසා සිරිපා අඩවිය පාමුල 24 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

 

හිටපු යුද හමුදා සෙබළියක් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවාය.

 

චූන් පාන් විකිණීමේ යෙදෙන තරුණයකුගේ ප්‍රේමාරාධනාවක් මෙලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා 24 හැවිරිදි තරුණියකට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම ගැන එම චූන් පාන් විකිණීමේ යෙදුණු තරුණයා රත්නපුර, සිරිපාගම පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබීය.

 

පෙරේදා (04) උදෑසන 7.30ට පමණ සිරිපාගම පොලිස් බල ප්‍රදේශයේ කැටවල ගිලීමලේ විලේගොඩ මාර්ගයේ දී මෙම තරුණියට පොල්ලකින් පහරදී ඇතැයිද ඇය ලේ ගලන තුවාල සහිතව සිටියදී රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලිසිය පවසයි.

 

එම්. අහිංසා සමන්මලී නම් මෙම තරුණිය රෝහල් ගතකරන විටත් මරුමුවට පත්ව ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

 

මියගිය යුවතිය වසර හතරක් යුද හමුදා සේවයේ යෙදි සිට පසුව ඉන් ඉවත්ව නිවසේ සිටි තැනැත්තියකි.

 

චූන් පාන් තරුණයා ඇයගේ ආදරය පතා කිහිප වරක් ඉල්ලීම් කර තිබුණත්, ඇය ඊට අකමැත්ත පළකර තිබූ බව එම තරුණියගේ පවුලේ අය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

 

තරුණියගේ පිටුපසින් පැමිණ ඇයගේ හිසට පහරදීම සිදුකර ඇති අතර පහරදීමට යොදාගත් පොල්ල පොලිසිය විසින් සොයා ගෙන තිබේ. පහරදීම සිදුවූ ස්ථානයේ ලේ පැල්ලම්ද දක්නට තිබූ බව පරීක්ෂණ කණ්ඩායම් පවසති.

 

ඝාතනයට ලක්වූ තරුණිය නිවසට අවශ්‍ය අල්මාරියක් මිලදී ගැනීමට රත්නපුර නගරයේ වෙළෙඳ ආයතනයකට මුදල් ගෙවා තිබූ අතර එය රැගෙන ඒමට නිවසින් පිටත්ව යද්දී සිරිපාගම, සුදාගල මාර්ගයේ දී ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

 

මියගිය තරුණිය ඇයගේ ලොකු අම්මාගේ නිවසේ දින කිපයක් රැඳී සිට නිවසට පැමිණ තිබේ.

 

රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් අනුව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ මෙහෙය වීමෙන් සිරිපාගම පොලිසියේ ස්ථානාධිපති මහින්ද ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරති.

 

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී ඊයේ (05) සිදු කිරීමට නියමිතව තිබුණි.

views

255 Views

Comments

arrow-up