ටයිටැනික් ඇතුලු ලොව වැඩිම ආදායම් ඉපැයූ සිනමාපට නිෂ්පාදනය කළ ජෝන් ලැන්ඩෝ දිවි සැරිය නිමා කරයි

'Titanic' 'Avatar' ඇතුළු ඔස්කාර් සම්මානලාභී ලොව මෙතෙක් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට කිහිපයක ම නිෂ්පාදක, ජෝන් ලැන්ඩෝ (Jon Landau) මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඔහුට වයස අවුරුදු 63 ක්.
ලැන්ඩෝ, වසරකට වැඩි කාලයක් තිස්සේ පිළිකා රෝගයට ගොදුරුව සිටි බව සඳහන්.
සිය සහෝදරයාගේ මරණය පිළිබඳව තහවුරු කරමින් ඔහුගේ සහෝදරිය ටීනා, සමාජ මාධ්‍යයන් හි සඳහන් කර තිබුණේ ගැහැණු ළමයෙකුට ප්‍රාර්ථනා කළ හැකි හොඳම සහෝදරයා ඔහු වන බවයි.
ලැන්ඩෝ හොලිවුඩ් නිෂ්පාදකයින් වන එලී සහ එඩී ලැන්ඩෝගේ පුත්‍රයා යි.
ඔහු කලක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන 20th Century Fox හි විධායකයක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
කැමරන් සමඟ 1997 දී 'ටයිටැනික්' නිර්මාණය කිරීම ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ හැරවුම් ලක්ෂයක් වන අතර එය ගෝලීය වශයෙන් බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 1 සීමාව පසු කළ පළමු චිත්‍රපටය ද වූවා.
පසුව 2009 සහ 2022 දී නිකුත් වූ Avatar සහ Avatar: The Way of Water ටයිටැනික් වාර්තාව බිඳ දැමීමට සමත්කම් දැක්වූවා.
Honey, I Shrunk the Kids and Dick Tracy ඇතුළු අනෙකුත් ජනප්‍රිය චිත්‍රපට සම-නිෂ්පාදනය කළ ලැන්ඩෝ, කැමරන්ගේ නිෂ්පාදන සමාගමක් වන ලයිට්ස්ටෝම් එන්ටර්ටේන්මන්ට් හි කළමනාකරණ තනතුරක් ද දෑරු බව සඳහන්.
ලැන්ඩෝගේ මරණය පිළිබඳ පුවතෙන් පසුව, කැමරන් The Hollywood Reporter වෙත පවසා තිබුණේ "විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇති" බවයි.
284 Views
Comments