කළු ගගේ කිමිදී මැණික් ගොඩගැනීමට ගිය අයට ජීවිතයෙන් වන්දි ගෙවන්නවූ හැටි

කිරිඇල්ල ඇල්ලගාව ඓතිහාසික පත්තිනි දේවාලය පිටුපස කළු ගඟේ වායුපීඩන යන්ත්‍ර භාවිතා කරමින් නීති විරෝධීව මැණික් ඉල්ලම් ගොඩගනිමින් සිටි කණ්ඩායමක පුද්ගලයෙක් මියගොස් ඇති අතර එම සිරුර ඉංගිරිය රෝහල වෙත ඉකුත් පහළොස් වෙනිදා රාත්‍රියේ රැගෙන ගොස් ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්ලගාව විතානකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද රුවන් කුමාර නමැති දෙදරු පියෙකි.
කළු ගගේ අඩි 15ක් යට කිමිදී මියගිය අය මැණික් ඉල්ලම් හාරමින් සිටින අතරේ මෙම මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි.
කඳු දෙකක් මැදින් කළු ගඟ (සානුවකින්) සබරගමු පළාතේ සිට බස්නාහිර පළාතට ගලා බසින මෙම ස්ථානය පරිසර සංවේදී ප්‍රදේශයක් ලෙස හඳුවන්වයි.
මෙයට සමගාමීව රත්නපුර – පානදුර (ඒ 9) මාර්ගයද පිහිටා තිබේ. මේ ආසන්නයේ දුම්බර මානාන ප්‍රදේශයට ගමන් කිරීමට කළු ගඟ හරහා පාලමක්ද ඉදිකර ඇත.
වියලි කාලයත් සමග කළු ගඟේ ජලය අඩු සෑම අවස්ථාවකම මෙම ස්ථානයේ නීති විරෝධී මැණික් ගැරීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ස්ථානයේ කළු ගඟ දෙපස පිහිටා ඇති විශාල කඳු දෙකම නාය යෑමේ අවදානමකට ලක්ව ඇති බවත් මෙවන් පරිසර හානි නිසා යම් හෙයකින් නාය ගොස් කළු ගඟ අවහිර වුවහොත් මුළු රත්නපුර ප්‍රදේශයම යට වී වැවක් වන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.
315 Views
Comments