වැඩිමල් පුතාගේ වයස 99යි, දියණියගේ වයස 82යි - ලොව වයස්ගතම කාන්තාව ගැන විස්තරේ මෙන්න

දකුණු වියට්නාමයේ ඩොං නයි ප්‍රාන්තයේ පදිංචි 119 හැවිරිදි කාන්තාවක් ලොව වයස්ගතම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ට්‍රින් තී කොං නමැති මේ කාන්තාවගේ සැබෑ උපන්දිනය 1905 දී සිදු වූ බවට පසුගියදා එරට බලධාරින් තහවුරු කර ඇති අතර, ඒ අනුව ඇය දැනට ලොව වයස්ගතම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ මරියා මොරේරාට වඩා අවුරුදු 2ක් වැඩිමල් බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඇගේ පවුලේ සාමාජිකයන් සිය මිත්තණියට එම ගිනස් වාර්තාව අත්කර දීමට උත්සාහ කරමින් සිටින බවත්, ඩො නයි ප්‍රාන්තයේ බලධාරින් නිල වශයෙන් ඇගේ උපන්දිනය ප්‍රකාශයට පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
ට්‍රින් තී කොං මේ වන විට ඇගේ 82 හැවිරිදි දියණියගේ රැකවරණය යටතේ ජීවත්වන බව තහවුරු වී ඇති අතර, ඇගේ වැඩිමල් පුත්‍රයාගේ වයස අවුරුදු 99ක්. අවුරුදු 119ක් වුවද ට්‍රින් තී කොං යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන බවත්, සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතුවල නිරත වන බවත් වැඩිදුරටත් සදහන්.
297 Views
Comments