“මට එක මොළයයි තියෙන්නෙ, හතක් නැහැ” - බැසිල් රාජපක්ෂ

ඊයේ පැවති හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී චමුදිත විමසූ පැන කිහිපයකට බැසිල් රාජපක්ෂ ලබාදුන් පිළිතුරු මෙසේය.
ඔබේ සමහර අය පුවත්පත් සාකච්ඡාවල මොළ හතක් තියනවා කිව්වා. අපි දන්න විදිහට වෛද්‍යවිද්‍යාත්මකව කුඩා මොළය හා ලොකු මොළය ගැන විතරයි.ඇමරිකාවේ හරි වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරල තියද ඔබට මොළ හතක් තියනවා කියලා?
එච්චර දුර යන්න ඕන නැහැ. එහෙම එකක් නැහැ.
ඒ කියන්නෙ ඔබට මොළ හතක් නැහැ?
නැහැ.
අපිට තියන මොළයම විතරයි ඔබටත් තියෙන්නෙ?
අනිත් අයට තියන විදිහටම තමා මටත් තියෙන්නෙ
මේ රටේ මිලියන ගණනකගේ මොළයි බැසිල්ගෙ මොළෙයි වෙනස් වෙන්නෙ කොහොමද?
නැහැ මමත් සාමාන්‍යෙයන්ම අනෙක් අය වගේම කෙනෙක්.
මම දන්නවනේ සාමාන්‍යයෙන් රජවරු ළඟ හිටියනේ මදුරුවො වැහුවම කඩුවෙන් ගහන අයත්. ඒ වගේ අය අපි ගාවත් ඉන්න ඇති එහෙම නොවුණනම් අපි මේ වාගේ තත්වෙට පත්වෙන්නෙ නැහැනෙ.
243 Views
Comments