නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී සුනීර සුමංග යුගදිවියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී සුනීර සුමංග යුගදිවියට (PHOTOS)

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී සුනීර සුමංග යුගදිවියට (PHOTOS)

නව පරපුරේ ගායකයින් අතර, මියුරු සරින් හදවත් ස්පර්ෂ කරන සොඳුරු ගායන ශිල්පියා ඔහු… සුනීර සුමංග

 

සුනීරගේ හඬ අනන්‍යතාව ගැන අටුවා ටීකා අවශ්‍යම නැති තරම්. ඒ තරමට ඔහුගේ හඬ භාවනාවක් හා සමානයි.

 

සන්තාන සුසුම්, නෙළා ගැනුමට නොහැකි වූවද, දිනෙක අපිටත්, ඇහින්දා මං පරණ කවියක් වැනි ඔහුගේ ගී එකතුව ඊට සාක්ෂි දරනවා ඇති.

 

සුනීරගේ ප්‍රේමණීය හඬට වශීවූවන් සෑහෙන්න ඉන්නා බව අමුතුවෙන් කිව යුතු නෑ. ඒ අතර තරුණියන් විශේෂයි.

 

ඔන්න මේ කියන්න යන ආරංචියට නම්, සුනීරගේ හඬට පෙම් බඳින තරුණියන්ට ටිකක් විතර දුක හිතේවි.

 

හදවත් ප්‍රේමයෙන් පුරවන මේ සොඳුරු ගායන ශිල්පියා සිය ජීවන ගමනේ නව පරිච්ඡේදයක් ආරම්භ කරලා.

 

සුනීරගේ හඬ වගේම ආදර කතාවත් සුන්දර එකක්ම බවට මේ සේයා රූ සාක්ෂියි..

 

 

සුනීර සුමංගගේ හඬට පෙම් බඳින සෑහෙන පිරිසක් හිටියත්, ඔහුගේ හිත්ගත් ඈ දෙව්දුනි.

 

එහෙනම්, දෙව්දුවකගේ අතගෙන සොඳුරු ජීවන චාරිකාවක් ආරම්භ කරන නව යුවළට aayubo.com අපෙනුත් හදපිරි සුබපැතුම් !!!

 

 

 

 

 

 

 

 

 

 

views

330 Views

Comments

arrow-up