“හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න මලට පුළුවන් වුනා නම් ඇයි අපිට බැරි” - ගයාත්‍රී මුහුණුපොතේ තැබූ අපූරු සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

“හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න මලට පුළුවන් වුනා නම් ඇයි අපිට බැරි” - ගයාත්‍රී මුහුණුපොතේ තැබූ අපූරු සටහන

“හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න මලට පුළුවන් වුනා නම් ඇයි අපිට බැරි” - ගයාත්‍රී මුහුණුපොතේ තැබූ අපූරු සටහන

ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම රංගන ශිල්පිනියක්.

 

රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය ෆේස්බුක් හී හරි අපූරු සටහනක් තබා තිබුණා.බලන්නකෝ කියවලා.

 


හැමදාම අපි නැගිටින්න කලින් මල් පිපිලා අපි නිදාගත්තමයි මල් මැරෙන්නේ…
හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න ඒ මලට පුළුවන්…
මලකට බැරිවුනාට සමනලුන්ට රිද්දන්න උන්ට පුළුවන් බොහෝම සියුම් ලෙස මලකට රිද්දන්න ඒ රිද්දන්න එක
හරිම ආදරණීයව දරාගන්නත් මලකට ශක්තිය තියෙනවා.
මොන තරම් වේදනාව විඳිමින් ඒ මල ඒ සමලුන්ට පැනි උරා බොන්න ඉඩ දුන්නත් ඒ මල දන්නවා කොහොමත්
මේ පැණි ඉවර වුණාම තවත් මලකට මේ සමනලයා පියාඹනවා කියලා. ඒ ගිහිල්ලා ඒ මලින් පැණි බීලා
නැවත වරක් ආවත් මේ මල ඒ සමනලයාට පැණි බොන්න ඉඩ දෙනවා. ඒ ඔවුන්ගේ තියෙන දරා ගැනීම නිසා.
ඒ වගේම ඒ මල දන්නවා සමනලයාගේ ආයුෂ තමන්ගේ ආයුෂට වඩාත් ගොඩාක් දිගයි කියලා. මලක ආයු
කාලය දවසකට සීමා වුණත් සමනලයෙකුගේ ආයු දිගුකාලයක් තියෙනවා. ඒත් ඒ මල මැලවිලා මැරිලා
යනකම්ම ඒ සමනලයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්ම ඒ ආදරය ඒ විදිහටම දෙනවා.
සමනලයා පැණි බොන වෙලාවට ස්වභාවධර්මය සුළඟ මහා හයියෙන් හමන කොට සමනලයා දැඩි ලෙස
හයියෙන් මලව අල්ලාගෙන ඒ මලින් පැණි උරා බොනකොට වේදනාව මොන තරම් අමාරුවෙන් වුවත් දරාගෙන
ඒ ආදරය තව තවත් ඒ සමනලයාට ඒ මල දෙනවද….
හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න ඒ මලට පුළුවන් වුනා නම් ඇයි අපිට බැරි දිගු කාලයක්
ජීවිතයක් ඇති අපට අපේ වගකීම් ඉටු කරන්න.
හිමිදිරි සිසිලේ ඉපදිච්ච ඒ සුන්දර ඒ මලට දවල් කාලය එද්දි රස්නයට අමාරුවෙන් හුරැ වෙද්දි හවස් වෙන
තෙක්ම පුළුවන් උනා නං ඒ මලට දීප්තිය රැකගන්න උදෑසන මෙන්ම.
ඒ නිසයි හැමදාම අපි නැගිටින්න කලින් මල් පිපිලා අපි නිදාගත්තම ඒ මල් මැරෙන්නේ…
දරාගන්න……පුළුවන් තරමි….ඉවසන් ඉන්න බැරිම තැනදීත්……


- ගයාත්‍රී ඩයස්…

 

 

views

1478 Views

Comments

arrow-up