ශ්‍රී ලංකාව නියෝජනය කල ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් විවාහ දිවියට (PHOTOS)

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) විවාහ දිවියට පිවිසියා.
නව ජීවන පරිච්ඡේදයක් ඇරඹූ ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම දැකිය හැකියි.
කණ්ඩායම තුළ ඇය දැක්වූ දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර තර්ජිනී ජනප්‍රිය වූයේ 'ජෙනී' යන නමිනි.
එමෙන්ම තර්ජිනීව හඳුනා ගැනෙන්නේ ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසයි.
ගෙවුණු වසරේදී ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තමන් තීරණය කළ බව දැනුම් දී සිටියා.
6043 Views
Comments