දස මසක් කුස තුල හොවා හැදූ මවට මෙහෙම කරන්න තරම් පුතෙක්ට පුලුවන් වුණාද? - පුතු අතින් අවසන් ගමන් ගිය මව

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් මවට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
අද (15) අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණේ ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
448 Views
Comments