ලොව ප්‍රකට ගායක සහ ගීත රචක “චාල්ස් ඔටෝ පුත්” විවාහ දිවියට - ලෝකයේම අවධානය හිමිවූ ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

ලෝක ප්‍රකට ගායක, ගීත රචක 32 හැවිරිදි චාල්ස් ඔටෝ පුත් (Charles Otto Puth Jr) විවාහ වෙලා. ඒ, ඔහුගේ පෙම්වතිය වන බෲක් සැන්සෝන් (Brooke Sansone) එක්ක.
දෙන්නගෙ විවාහයේ ඡායාරූප මේ වෙද්දි සමාජ මාධ්‍යයේ ඉහළ ආකර්ෂණයක් දිනාගෙන අවසන්.
විවාහ උත්සවය පැවැත්වෙලා තිබුණෙ කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝ හි පිහිටි ගායකයාගේ පවුලේ වතුයායේ ඔලිව් ගසක් ඉදිරිපිට.
ඒක සැන්සෝන් විශේෂ වැදගත්කමක් එක්ක තෝරා ගන්නා ලද ස්ථානයක් බවයි කියවෙන්නෙ.
උත්සවය මෙහෙයවා තිබුණේ චාල්ස් පුත්ගේ හොඳම මිතුරා.
චාල්ස් - බෲක් විවාහය සිදුවෙන්නෙ නිව්යෝර්ක්හි ඔවුන් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශ කරලා වසරකට (2023 සැප්තැම්බර් 5) පසුව.
නිව් ජර්සිවල හැදී වැඩුණු දෙන්නා කුඩා කල සිටම දන්න හඳුනන අයත් වෙනවා.
235 Views
Comments