“කේන්ති ගන්න එපා යාලු‍වනේ” - මහේෂි කාටත් හොරෙන් ලංකාවෙන් ගිහින්? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

“කේන්ති ගන්න එපා යාලු‍වනේ” - මහේෂි කාටත් හොරෙන් ලංකාවෙන් ගිහින්? (PHOTOS)

“කේන්ති ගන්න එපා යාලු‍වනේ” - මහේෂි කාටත් හොරෙන් ලංකාවෙන් ගිහින්? (PHOTOS)

මහේෂි කියන්නෙ කවදත් කතාබහට ලක්වුණු අතිශය ජනප්‍රිය තාරකාවක්.

 

පහුගිය දවස්වල මහේෂි නිතර කතාබහට ලක්වෙන්න ගත්තා.

 

ඇය ඇයගේ විවාහ සංවත්සරය සමරන්න තෝරගත්ත විදියත් ඒ කතාබහට ලොකු හේතුවක් වුණා.

 

ඒත් එක්කම එළියට ආව තවත් කතාවක් තමයි පුංචි තිරය හැඩකළ මහේෂි නුදුරේදීම විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.

 

ඒ ගැන ඇය කිහිප විටකදීම ප්‍රසිද්ධියේ ම කියලත් තිබුණා.

 

ඈ එහෙම විදෙස්ගත වීමට තීරණය කිරීම ඈට ආදරේ කරන කාටත් දුකට කාරණයක් වී ඇති හැඩයි.

 

මොකද මහේෂි කියන්නෙම මතක හිටින චරිත රැසක් එක්ක ආලින්දයට ගොඩවැදුණු දක්ෂ රංගන ශිල්පිනියක් වීම නිසාවෙන්..

 

ඈ ලබන ආදරේ කෙතරම් ද කිව්වොත් ගෙවුණු දවසක සිය රසික සමූහයාගෙන් මහේෂි ටිකක් විතර බැනුම් අහලත් තිබුණා.

 

ඒකට හේතුව වුණේ ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ මෙන්න මේ ඡායාරූප...

 

ඔන්න ඉතින් අන්තිමට ඒ ඡායාරූප පිටුපස කතාව ගැන කියන්න මහේෂිට 'ලයිව්' එක්කුත් එන්න වෙලා...

''...කට්ටිය මට බනිනවා,

මම ෆොටෝ එකක් දැන්මා නිකන් අර විග් එකක් දාලා.

මේගොල්ලො හිතුවෙ මම කොණ්ඩෙ කලර් කරලා කියලා.

ඔක්කොම බැන බැන මැසේජ් දානවා.

ඒක ඇත්තටම විග් එකක්. ස්තුතියි ඒ ආදරේට...''

 

ඒ වගේම මහේෂි විදෙස්ගත වෙලා ආරංචියකුත් තියෙනවා.

 

කතාව ඇත්ත !!

 

සැමියා නියුතු රැකියාවත් එක්ක මහේෂි විදෙස්ගත වනවා කියන කාරණය අමුතු එකක් නොවන වග ඔබ දැනටමත් දන්නවනෙ.

 

මේ විදෙස්ගත වීමත් අන්න එහෙම එකක්. දින 4ක ගමනකට පසු ආයෙමත් ඈ ලංකාවට ඇවිත්.

 

ඒ අතරතුර ගත් සේයා රූ කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරන්න මහේෂි අමතක කරලා නෑ....

views

1386 Views

Comments

arrow-up