ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර ඉරිදා දැයෙන් සමුගනී - අවසන් කටයුතු බොරැල්ලේදී

ඊයේ (08) උදෑසන අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මියගේ නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (10) සිදුකිරීමට නියමිත බව සඳහන්.
ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දී යි.
එමෙන්ම ඊයේ පස්වරු 6.00 සිට ඇයගේ දේහය කොළඹ පෞද්ගලික අවමංගල්‍යය ශාලාවක තැන්පත් කර තිබේ.
රෝගාතුරව කලාවෙන් පවා මදක් ඈත්ව සිටි ඇය මිය යන විට 73 වැනි වියෙහි පසුවූවා.
308 Views
Comments