වසර 13කට පසු යළි අළුත් වුණු සනී ලියෝන්, ඩැනියෙල් යුවළගේ විවාහ පොරොන්දුව - දෙන්නා විතරක් නෙමෙයි පොඩ්ඩො තුන්දෙනත් ඇවිත් (PHOTOS)

''සනී ලියෝන්'' ආයෙම විවාහ වෙලා !!
ඇත්තම කතාව නම්, විවාහ පොරොන්දුව අළුත් කරලා. සනී ලියොන් - ඩැනියෙල් වෙබර් දෙන්නගෙ විවාහයට අවුරුදු 13ක්.
ඒ 13 න් වසර සමරමිනුයි පොඩ්ඩො තුන්දෙනත් එක්ක සනී - ඩැනියෙල් දෙන්නා මේ විදියට සිය විවාහ පොරොන්දුව අළුත් කරලා තිබුණේ.
ඊට ඔවුන් තෝරාගෙන තිබුණෙ, මාලදිවයින.
''සනී ලියෝන්'' කියන නම නොදන්නා කෙනෙක් නැති තරම්නෙ. ඒ තරමට ඇය අතිශය ජනප්‍රියයි.
කලක් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වුණු ඇය, දැන් එයින් ඉවත්ව සිය පවුලට මුල්තැන දෙමිනුයි කටයුතු කරන්නේ.
විශේෂයෙන්ම නීෂා, නෝවා සහ ආෂර් යන දරුවන් තිදෙනාට මුල්තැන දෙමින්.
මේ ඡායාරූප එකතුව තුළත්, ඇගේ ඒ ආදරණීය බව මොනවට කැපී පෙනුණා.
ඒත් එක්කම ඡායාරූප එකතුව බෙදාගනිමින් ඇය හරි අපූරු සටහනකුත් තබා තිබුණා.
සනී - ඩැනියෙල් විවාහය සිද්ද වෙන්නෙ 2011 දී.
විවාහයෙන් වසර කිහිපයකට පස්සෙ ඔවුන් දියණිය නීෂා හදා වඩා ගන්නවා.
පසුව 2018 දී නෝවා සහ ආෂර්ව ඔවුන්ගේ ජීවිතයට එක්කාසු කරගන්නවා. ඒ අන්වාදේශ මාර්ගයෙන්.
290 Views
Comments