හේමාල් රණසිංහ රංගනයෙන් රහ කළ “අයිස් ක්‍රීම්” (PHOTOS)

''අයිස් ක්‍රීම්'' (ICE CREAM) කියන්නෙ කාලයක් තිස්සෙ මෙරට සිනමා රසවතුන්, එනකල් මඟබලාගෙන උන්නු සිනමා සිත්තමක්.
නමුත් එන දවස කල් ගියා මිස, අයිස් ක්‍රීම් රහ බලන්න නම් වුණේ නෑ තවම.
දැන් දැන් ආයෙම චිත්‍රපටය ගැන කතාබහක් ඇතිවෙලා.
මේ දවස්වල ඔබත් දකින්න ඇති සමාජ මාධ්‍යයේ හුවමාරු වන අපූරු වේෂ නිරූපණයන් රැගත්, ෆිල්ම් එකේ රූප රාමු.
හේමාල් රණසිංහ සහ අයිශාරා අතුකෝරළ ප්‍රධාන චරිත නිරූපණය කරන අයිස් ක්‍රීම්, ප්‍රදීප් දර්මදාසයන්ගේ රහ වැඩක්. තිරපිටපත කලණ ගුණසේකරගෙ.
'අයිස් ක්‍රීම්' ගැන මුල සිටම වැඩි උනන්දුවක් පැවතියේ එහි වේෂ නිරූපණයන් නිසාවෙන් කිව්වොත් හරි.
රැජිනිකාන්ත්, බෲස් ලී, ජොනී ඩෙප් වැනි ලෝක සිනමාවේ ජනප්‍රිය චරිත රැසකගේ රූපයට සමීප රූප 'අයිස් ක්‍රීම්' හි දැකගත හැකියි.
වර්තමානය වෙද්දි කාගෙත්, විශේෂයෙන්ම තරුණියන්ගෙ ක්‍රෂ් එකනෙ හේමාල්.
ඉතින්, 'අයිස් ක්‍රීම්' එක්ක ඔබට ඔහුගේ සුවිශේෂී රංගනයක් අත්විඳිය හැකියි.
කසුන් කල්හාරයන්ගේ හඬ මුහුවුණු චිත්‍රපටයේ සිංදුවක් ද මේ වෙනකොටත් රිලීස් වෙලා තියෙන්නෙ.
හරියටම කිව්වොත් ඒ මීට අවුරුදු පහකට කලින්.
රටේ ඇතිවුණු යම් යම් අයහපත් වටපිටාවන් 'අයිස් ක්‍රීම්' රහ බැලීම ප්‍රේක්ෂකාගාරයෙන් ඈතට අරන් ගිය බවයි බොහෝ තැන්වල කියවුණේ.
චිත්‍රපටය ගැන මුල්ම කතාබහේ පටන් මේ වෙනකොටත් කාගෙත් අදහස හේමාල්ගේ හොඳම රංගනයන් අයිස් ක්‍රීම් සමඟ වන බව.
හේමාල් - අයිශාරා දෙපළට අමතරව සරත් කොතලාවල, රුක්මාල් නිරෝශ්, බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, ඩී.බී ගන්ගොඩතැන්න, චමිලා පීරිස්, දයා තෙන්නකෝන්, වීණා ජයකොඩි, දමිතා අබේරත්න, මදුෂාන් නානයක්කාර, රොෂාන් රණවන, චින්තක වාස් අයිස් ක්‍රීම් හැඩ කරනු ඇති.
චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ, මීගමුව, පුත්තලම යන ප්‍රදේශ ආශ්‍රිතව වූ බව සඳහන්.
ලැබෙන ආරංචිවලට අනුව නම් 'නළුවෙක් වෙන හීනයක්' පස්සෙ වැටුණු තරුණයෙක් වටා ගෙතුණු කතාවකි, අයිස් ක්‍රීම්.
එහෙමනම්, ෆැන්ටසිය හැබෑවක් වෙනවද නැද්ද කියලා බලන්න අයිස් ක්‍රීම් එනකල් අපි මඟ බලාගෙන ඉමු....
298 Views
Comments