තවමත් හමු නොවූ ඉෂාරා සෙව්වන්දිගේ සිම්පතක් ගැන ඇහෙන මේ කතාව මොකක්ද?

තවමත් කිසිඳු හෝඩිවාක සොයාගන්න ලැබුණේ නැහැ..
මේ කියන්න යන්නේ ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිද්ධියේ මහමොලකාරිය ලෙස හැඳින්වූ ඇය ගැන කතාවක්..
ගනේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන් කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා..
මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි..
එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ..
ඒ අනුව අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා..
223 Views
Comments