එකම පථයක ගමන්ගත් ගුවන් යානා දෙකක් ගැටී සිදුවෙන්නට ගිය බිහිසුණු අනතුර වැළකුණු හැටි...
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

එකම පථයක ගමන්ගත් ගුවන් යානා දෙකක් ගැටී සිදුවෙන්නට ගිය බිහිසුණු අනතුර වැළකුණු හැටි...

එකම පථයක ගමන්ගත් ගුවන් යානා දෙකක් ගැටී සිදුවෙන්නට ගිය බිහිසුණු අනතුර වැළකුණු හැටි...

ඉන්දියාවේ, මුම්බායි හි පිහිටා ඇති චත්‍රපති සිවාජි මහාරාජ් ගුවන්තොටුපළේ සිදුවීමට ගිය බිහිසුණ ගුවන් යානා අනතුරක් වළක්වා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

 

පසුගිය සෙනසුරාදා පස්වරුවේ එකම ධාවන පථයක යානා දෙකක් ධාවනය වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

ඉන්ඩිගෝ ගුවන් යානයක් ධාවන පථයට ගොඩබස්වා ඇති අතර එම අවස්ථාවේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක් අදාළ ධාවන පථයෙන් ගුවන් ගත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

මෙම යාන දෙක සඳහාම එක් නිලධාරියෙකු විසින් අණ ලබා දීම ඇති බවත්, ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
 

views

412 Views

Comments

arrow-up