පියා පැදවූ ට්‍රැක්ටරය පුතාට මාරකයක් වෙලා - හිතාගන්නවත් බැරි විදියට සිදුවූ අනතුරක් ගැන ඇහෙන කතාව

මෙහෙම දෙයක් වේවී කියලා ඔවුන් හීනෙන්වත් හිතන්න නැතුව ඇති...
චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවීමෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 11ක් වූ උඩුවිල්, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
227 Views
Comments