65හේ සුරූපී සල්ලිකාර මැඩම්ගේ නරක විනෝදාංශය මුදලාලි හාමිනේට අතටම මාට්ටු - අවසානයේ වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

65හේ සුරූපී සල්ලිකාර මැඩම්ගේ නරක විනෝදාංශය මුදලාලි හාමිනේට අතටම මාට්ටු - අවසානයේ වූ දේ

65හේ සුරූපී සල්ලිකාර මැඩම්ගේ නරක විනෝදාංශය මුදලාලි හාමිනේට අතටම මාට්ටු - අවසානයේ වූ දේ

විනෝදාංශයක් ලෙස ඉතා සූක්ෂම අන්දමින් වෙළෙඳ සල්වලින් බඩු සොරකම් කරන ධනවත් කාන්තාවකට අපූරු පාඩමක් ඉගැන්වීමේ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තාවේ. 


65 හැවිරිදි වියේ පසුවෙන ඇය මනා රූ සපුවකින් යුත් ධනවත් කාන්තාවකි. 

 

සැමියාගේ වියෝවෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුපද ඇයට හිමිවිය. ගෙවත්තේ වගාවෙන්ද ඇයට යම් මුදලක් මාසිකව ලැබේ. වැඩි වියට පත් විවාහක දූ දරුවෝ රැකියා කරති. 


ඇයගේ විනෝදාංශයක් වන්නේ බඩු මුට්ටුවක් මිලදී ගන්නට ගොඩවෙන කඩයෙන් ඉතා සූක්ෂම අයුරින් මුදලාලිගේ ඇස වසා යමක් සොරකම් කරගෙන ගමන් බෑගයට දමා ගැනීමයි. 

 

පෙරළා නිවස බලා යන ගමනේදී යම් දිළිදු අයෙකු හෝ කුඩා ළමයකු මහ මගදි හමු වුවහොත් ගමන් මල්ලේ තිබෙන බොහෝ දේ ඔවුනට ලබාදීමට තරම් ඇය පරිත්‍යාගශීලී වන්නීය. 


මෙදින ඇය නගරයට ආසන්න ප්‍රදේශයක ගමේ කඩේකට ගොඩ වූයේ නිවෙසට අවශ්‍ය කළමනා කීපයක් රැගෙන යෑමටයි. 

 

ඒ වනවිට කඩේ කිහිප දෙනකු සිටි අතර මුදලාලි නොසිටි නිසා ඔහුගේ බිරිඳ ඒ අයට බඩුදීම හා මුදල් ලබා ගැනීම සිදු කළාය. 


කඩයට ගොඩ වූ ඇය දුටු මුදලාලි හාමිනේ පාරිභෝගිකයන්ට බඩු දෙන ගමන් ඇය ගැන සෙවිල්ලෙන් සිටියේ ඇයගේ කල්කිරියාව කල් තබාම දැන සිටි බැවිනි. 


බඩු කීපයක් මිලදී ගත් ඇය ඒ බව මුදලාලි හාමිනේට පවසා තම බඩුවල ගාන කීයදැයි විමසා තිබේ.

 

ඇය හොරෙන් ලබාගත් ද්‍රව්‍ය හා ඇය පැවසූ බඩුවල මිල ගණන් හදා මෙපමණ මුදලක් ගෙවිය යුතු යැයි පවසා ඇත. 

 

තමන් ගත් බඩුවලට එපමණ මුදලක් නොවන බවත් නැවත නිවැරදිව ගණන් හදන ලෙසත් ඇය එවිට පවසා තිබේ. 


එහිදී මුදලාලි හාමිනේ පැවසුවේ “ඔයා අහවල් අහවල් දේ අරගෙන මල්ලට දා ගන්නවා මම දැක්කා. වෙන කඩවලට ගිහිල්ලා කරන සෙල්ලම් මාත් එක්ක කරන්න බැහැ. ඔයා කඩයට ගොඩවෙන අවස්ථාවේ ඉඳලා මම ඔයා ගැන සෝදිසියෙන් හිටියේ. මම ඔයාගේ මල්ලේ තියෙන බඩු ටික අරගෙන පෙන්නන්නද? නෝනා නම්බු පිටින් ගත්තු බඩුවල සල්ලි දීලා යන්න” යැයි ඒ වනවිට කඩයේ සිටි පිරිස ඉදිරියේ මුදලාලි හාමිනේ පැවසුවෙන් අදාළ මුදල ගෙවා ඇය වහා පිටව ගියේ කඩේ සිටි අයගේ සිනා හඬ මධ්‍යයේය.


 සිද්ධියෙන් පසු දින කීපයක් කඩයට නගරයට නොගිය ඇය එතැන් පටන් වෙළඳසල්වලට ගොඩවුණත් විනෝදාංශයට තිත තබා තිබිණි. 

views

655 Views

Comments

arrow-up