විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳීමට සැරසෙන ඉන්දියානු රූමතිය

අසල්වැසි ඉන්දියාවේ 'Rhea Singha', මෙවර (2024) එරට නියෝජනය කරන විශ්ව රූ රැජින ලෙස 22 ඉරිදා කිරුළු පැළඳුවා.
අවසන් මහා තරගය පැවතියේ රාජස්ථානයේ ජායිපූර්හිදී යි.
ඒ අනුව නොවැම්බර් 16 වැනි දා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 73 වැනි විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ඇය ඉන්දියාව නියෝජනය කරනු ඇති.
තරගකාරිනියන් 51 දෙනෙකු අභිබවා යමිනුයි, ගුජරාටයේ අහමදාබාද් හි පදිංචිකාරියක වන 19 හැවිරිදි රියා මෙලෙස කිරුළු පළඳිනු ලැබුවේ.
කිරුළු දැරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ, තමන් පෙර ජයග්‍රාහකයින්ගෙන් ලද ආස්වාදය මත මෙවන් ජයග්‍රහණයක් ලද බවයි.
“අද මම මිස් යුනිවර්ස් ඉන්දියා 2024 කිරුළ දිනුවා.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
මේ කිරුළට මා සුදුසු යැයි සිතිය හැකි මට්ටමට පැමිණීමට මම බොහෝ වැඩ කරලා තියෙනවා.
පෙර ජයග්‍රාහකයන්ගෙන් මම බොහෝ ආස්වාදයක් ලබනවා....”
නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක් සහ නූතන විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ද වන රියා සිංහා මේ වන විට රංග කලාව පිළිබඳ උපාධියක් හදාරන බව සඳහන්.
270 Views
Comments