හෙළ නර්තන කලාව පෝෂණය කළ වජිරා චිත්‍රසේන දිවියෙන් සමුගනී

හෙළ නර්තන කලාව සුපෝෂණය කළ වජිරා චිත්‍රසේනයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට එතුමිය 92 වැනි වියෙහි පසුවූවා.
ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට ඇය කළ මෙහෙය අනුපමේය එකකි.
ඒ අනුව, ඕනෑම අයෙකුට ජීවිතයේ එකම එක් වතාවක් පමණක් පිදෙන භාරතයේ 'පද්ම ශ්‍රී' ගෞරව සම්මානයෙන් ද ඇය පිදුම් ලද අතර එසේ පිදුම් ලද අතළොස්සක් කලාවේදිණියන්ගේ ලැයිස්තුවේ ඇය ද ඉහළින් ම වැජඹේ.
ලාංකේය සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක සහ ගුරුවරියක ලෙස ප්‍රකට ඇය, මෙරට මුද්‍රානාට්‍ය කණ්ඩායම් කලාවේ පළමු ප්‍රධාන නාට්‍යාංගනාව ලෙස ද සැලකේ.
සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කර වෙස් බඳින ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේද ඇයයි.
ඒ අනුව කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ කාන්තාවන් චාරිත්‍රානුකූල නර්තන ශිල්පිනියන් බවට පත් කිරීමේ ගෞරවය ඇයට හිමිවේ.
කලාගුරු චිත්‍රසේනයන්ගේ සිසුවියක ලෙසින් සිය නර්තන දිවිය ආරම්භ කළ වජිරා චිත්‍රසේන, 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනිය ලෙසින් නිරායාසයෙන්ම ගෞරවයට පාත්‍ර වන බවත් කිව මනාය.
256 Views
Comments