සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ඩුබායිහිදී අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ඩුබායිහිදී අනතුරකට ලක්වෙයි

සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ඩුබායිහිදී අනතුරකට ලක්වෙයි

සුපිරි නළු අජිත් කුමාර් ඩුබායිහිදී අනතුරකට ලක්ව තිබෙනවා.

 

ඒ, ඔහු ’24H Dubai 2025′ සඳහා සහභාගී වීමට නියමිතව කළ පුහුණු සැසිය අතරතුරයි.

 

සමාජ මාධ්‍ය වේදිකාවන්හි සංසරණය වන වීඩියෝවට අනුව, අජිත් කුමාර්ගේ මෝටර් රථය පාලනයෙන් මිදී බාධකවල හැපී යන අන්දම දැකිය හැකිය.

 

කෙසේ නමුත් මෙම අනතුරින් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව සඳහන්.

 

නළු අජිත් කුමාර් ‘Ajith Kumar Racing’ හි කණ්ඩායම් කළමනාකරු ලෙස වැඩභාරගෙන තිබුණේ, ගෙවුණු වසරේ දෙසැම්බර් මාසයේදී යි.

 

ඒ අනුව ඔහු නැවත ධාවන පථයට පිවිසීම දශකයකට වැඩි කාලයකට පසුව සිදුවූවකි.

 

ඔහු මීට පෙර Formula BMW Asia, British Formula 3 ,the FIA F2 Championship වැනි ඉසව්වලට තරඟ කර ඇත.

 

90 දශකයේ මුල් භාගයේ ජාතික යතුරුපැදි ධාවන ශූරතාවලියේදී සිය ධාවන දිවිය ආරම්භ කළ අජිත් කුමාර් පාපැදි ලෝලියෙක් ලෙස ප්‍රකටය.

views

184 Views

Comments

arrow-up