“ඒ ආදරේ නිසා මේ අපි අම්මා වෙනුවෙන් කරන දේවල් මදි, සුභ උපන්දිනයක් අම්මා” - ලෝචිගෙන් අම්මාට ලැබුණු උපන්දින තෑග්ග (PHOTOS)

ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි හරි අපූරු සේයා රූ එකතුවක් පළකර තිබුණා.
ඒ ඇගේ ආදරණීය මවගේ උපන්දින සැමරුම වෙනුවෙන්.
සේයා රූ එකතුව විතරක් ම නෙවෙයි, ඒත් එක්කම මෙන්න මෙහෙම සටහනක් තබන්නත් ඇය අමතක කර තිබුණෙ නෑ...
''මෙච්චර වයසෙන් වැඩි වුණත් අපි තාම අම්මා ළඟ පොඩි දරුවනෙ.
ඔයා නැතිව මට පොඩි වැඩක්වත් කරගන්න බැහැනේ.
ඒත් හැමදාම ඕනි වුණේ ඔයා වගේ අම්මා කෙනෙක් වෙන්න.
ඒ තරම්ම බැරි වුණත් හැමදේම කරගෙන පුතාවත් බලන් ඉන්න පුලුවන් හයියක් ඔයා අපිට දීලා තියනවා.
ඒ ආදරේ නිසා මේ අපි අම්මා වෙනුවෙන් කරන දේවල් මදි.
happy birthday අම්මා ''
2290 Views
Comments