ප්‍රියසාද් පවුලේ චූටි සාමාජිකා ක්‍රිෂාර්යා, ඇගේ දෙවෙනි උපන්දිනය සැමරූ හැටි මෙන්න (PHOTOS)

ප්‍රියසාද් පවුලට පහුගිය දවසක (17) හරි විශේෂ මොහොතක් උදාවෙලා තිබුණා.
ඒකට හේතුව පවුලේ දෙන්නෙක්ගෙම උපන්දින එදාට යෙදී තිබීම.
දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ශිරානි ප්‍රියසාද්. එතකොට අනිත් කෙනා ඇගේ චූටිම මිණිපිරී ක්‍රිෂාර්යා.
ප්‍රියසාද් පවුල කියන්නෙ තරු පවුල් අතර නිතර කතාබහට ලක්වන, එකමුතුකමින් ආදරණීයව දවස් ගෙවන තරු පවුලක් කිව්වොත් හරි.
ඒ නිසාම කවුරුත් බලාගෙන ඉන්නෙ මේ පවුලට උදාවන ලස්සන, විශේෂ දවස් ගෙවෙන්නෙ කොහොමද කියන කාරණය ගැන.
ඉතින් චූටි ක්‍රිෂාර්යාගේ දෙවන උපන්දිනය සැමරෙන්නෙ කොහොමද කියන එක ගැනත් හැමෝම වගේ බලාගෙනයි උන්නෙ.
ඔන්න ඒ ලස්සන දවස පාට පාටින් හැඩවෙලා තිබුණේ මෙන්න මේ විදියට.
උපන්දිනය සමරන්න එක්කාසු වෙලා තිබුණේ පවුලේ ආදරණීයන් විතරයි.
ඒ වගේම චූටි ක්‍රිෂාර්යාගේ උපන්දින කේක් එකත් කාගෙත් අවදානය දිනාගෙන තිබුණා.
මොකද ඒ කේක් එක හැඩවෙලා තිබුණේ ඇය වඩාත්ම සිත්ගත් ''නෙළුම් කුළුණ'' එක්ක....
තවත් විශේෂ කාරණයක් තියෙනවා, ඒ තමයි මිණිපිරීගේ උපන්දින සැමරුම එක්කම ශිරානි ප්‍රියසාද්ගෙත් උපන්දිනය සැමරීම...
614 Views
Comments