නිදි යහනේ සිටි මව පණපිටින් ගිනි තබා මරා දැමූ දුව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

නිදි යහනේ සිටි මව පණපිටින් ගිනි තබා මරා දැමූ දුව අත්අඩංගුවට

නිදි යහනේ සිටි මව පණපිටින් ගිනි තබා මරා දැමූ දුව අත්අඩංගුවට

දැඩි ලෙස රෝගාතුරව එක්තැන්ව සිටි 89 හැවිරිදි මවක් නිදි යහනේ සිටියදී පණපිටින් ගිනි තබා ඝාතනය කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ අවිවාහක දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම මව ඇයගේ දියණියන් සමග හුදකලාව පදිංචිව සිට ඇත්තේ කටාන තිබිරිගස්කටුව ප්‍රදේශයේ නිවසකය.

 

මව නිදා සිටි ඇඳට කූඹි පැමිණීම නිසා ඇද විට්ටමට භූමි තෙල් වක්කර ඇති බවට ඇය පැවසුවද මුලු ඇඳම ගිනි ගැනීම සිදු වූ ආකාරය තවමත් නිශ්චිතව හෙලිවී නොමැත.

 

මෙම මරණයට අදාළ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා එහි පැමිණෙන විට යහනේ සිටි කත හදුනාගැනීමට පවා නොහැකි තත්ත්වයට ගිනි ගෙන දැවී අඟුරුවී සිට තිබුණි.

 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළඹෙන 21වනදා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

3702 Views

Comments

arrow-up