“මගෙ අසරණකම නිසාම මට අතින් අතට යන්න වුණා..” - පෙම්වතා වෙනුවෙන් සිය ජීවිතයම කැපකල තරුණියකගේ කතාව

කියන්නේ තවත් තරුණියකගේ ජීවිත කතාව කඳුළින්ම විසඳුන සිදුවීමක් ගැන කතාවක්..
ඇය කවදාවත් ආදරයක් නිසා මේ තරම් දුක් විඳින්න වෙයි කියලා නම් හිතන්න නැතුව ඇති...
දුශ්කර පළාතක ජීවත් වුණත් මේ යුවතිය හොඳ පවුල් පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක්..
පාසල් ජීවිතයට සමුදුන් ඈ පසුව රැකියාවකට යන්න තීරණය කරන්නේ තමන් ස්වාධීනව කටයුතු කරන්න ඕන කියන නිසා වෙන්න ඇති.. ඒත් අවසානයේ, ඒ තීරණය නිසා ඇගේ ජීවිතය කණපිට පෙරළෙනවා..
ඇය උසස් පෙළ කරලා ගෙදර හිටියේ.. උසස් පෙළ සමත්... ඒ නිසා ඇය රැකියාවකට අයදුම් කළා.. ඒ අයදුම් කරපු තැන රස්සාව ඇයට ලැබුණා.. ඒ ගිණුම් සහයකවරියක් විදිහට... එතන වැඩකරපු කෙනෙක් එක්ක මේ තරුණියට ආදර සම්බන්ධතාවයක් ඇතිවුණා... ඔහු ඇත්තටම කිව්වොත් ඒ කෙනා දාහකින් හොයාගන්න බැරි කෙනෙක්.. ඒත් ගොඩක් දුප්පත් පවුලක... අම්මායි එයයි නංගියි විතරයි ඉන්නේ... අම්මට අංශභාගේ හැදිලා.. නංගි ඉගෙන ගන්නවා...
මේ සම්බන්ධය අපේ ගෙවල්වලින් දැනගත්තා.. හැබැයි ඔහුට මේ තරුණියගේ ගෙදරින්
නම් කැමති වුුණේ නෑ.. මේ එතනින් එහාට ඇය කියන කතාවයි..
"ඒත් අපි වෙනසක් නොවී ආදරේ කළා.. ටික කාලයක් යද්දි මම ආදරය කරපු අයියට අසනීප වෙන්න පටන් ගත්තා... එතකොට තමයි දැනගත්තේ එයාට මොලේ පිළිකාවක් කියලා.. බෙහෙත් කරන්න නොගිය තැනක් නෑ.. සිංහල බෙහෙත් කළා.. අන්තිමට එයාටවත් මටවත් අතේ වියදමටවත් සල්ලි නැතිව ගියා.. ඒත් මට එයා වෙනුවෙන් හැමදේම කරන්න ඕන වුණා... බෙහෙත් ටික ගන්න සල්ලි නැතිවෙනකොට අපි ගොඩක් අසරණ වුුණා.. එයාට බෙහෙත් කරන්නම හැමතැනම යන්න නිවාඩු දාන්න වුණා.. අන්තිමට මට රස්සාව නැතිවුණා..
එන්න එන්නම එයාගේ අසනීපේ වැඩිවුණා.. බස් එකේ යන්නවත් සල්ලි නැතිවුණා.. අයියගේ අම්මටත් අසනීප තත්ත්වය වැඩිවුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන නැතිවුණා.. මේ ප්‍රශ්නත් එක්ක මමත් අසරණ වුුණා.. නොවිදිනා දුක් වින්දා.. ඒ අතරතුර මට දවසක් බස් එකේ කොළඹ ඉදන් එද්දි අයියා කෙනෙක් හම්බවුණා.. එයාව දැනගත්තේ මට එහා පැත්තේ හිටියේ එයා.. මට බස් එකට ටිකට් ගන්නවත් සල්ලි මදිවුණා.. එවෙලේ එයා මාත් එක්ක කතා කළා.. මම කිව්වා හැම විස්තරයක්ම.. එයා කිව්වා එයා දන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා.. එයාව හොද කරගන්න උදව් කරන්නම් කියලා.. සල්ලි වියදම් කරන්නක් කැමතිවුණා.. අන්තිමට මගේ අසරණකමට මම ආදරය කරපු කෙනාගේ ජීවිතේ බේරගන්න ඕන නිසා මට එයා එක්ක නිදාගන්න වුණා.. මම ආදරය කරපු කෙනා පරිස්සම් කරපු හැමදේම වෙන කෙනෙක් ඉස්සරහා නැතිවෙලා ගියා.. හැබැයි එයා සල්ලි දුන්නා..
අම්මට බෙහෙත් කරන්න පුළුවන් වුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන ආයෙමත් පටන් ගත්තා.. මට පුළුවන් වුණා එයාලට හයියක් වෙන්න.. දවසක් මේ කෙනා එයාගේ යාළුවෙක් එක්ක ඉන්න කියලා බල කළා.. මම බෑ කිව්වම එයා මගේ හොරෙන් ගත්ත පින්තූරයක් පෙන්නලා කිව්වා මේක හැමතැනම යවනවා කියලා.. මම බය වුණා.. මගේ අම්මට තාත්තට මුහුණදෙන්න බැරිවෙයි කියලා හිතුවා.. අන්තිමට මට අතින් අතට යන්න වුණා..
මේ වෙද්දි මම ආදරය කරපු කෙනා මේ ලෝකේ නෑ.. ඒත් එයාගේ අම්මා නංගීව මම ජීවත් කරවනවා.. මිනිස්සු අපිට පිහිට වෙන්න ලං වෙන්නේ ආදරේට නෙවෙයි.. අපෙන් දේවල් බලාගන්න ඇත්තම කතාව ඔන්න ඕකයි..."
උපුටාගැනීමක්
207 Views
Comments