මොළයට චිප් එකක් සවි කරගෙන මනසින් වැඩ කරන්න කැමතිද? - අලුත්ම තාක්ෂණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

මොළයට චිප් එකක් සවි කරගෙන මනසින් වැඩ කරන්න කැමතිද? - අලුත්ම තාක්ෂණය මෙන්න

මොළයට චිප් එකක් සවි කරගෙන මනසින් වැඩ කරන්න කැමතිද? - අලුත්ම තාක්ෂණය මෙන්න

අනාගත ලෝකය ගැටෙන්නේ තාක්ෂනය සමගයි.

 

මේ කියැවෙන්නේ ඒ අනාගතයේ සුපිරි බව කියැවෙන පුවත්.

 

ලොව පළමු වරට මොළයට චිප් එකක් සවි කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම ආරම්භ කර තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ ද නිරත වී ඇති බවයි.

 

මෙම පුද්ගලයා අනතුරකින් අංශභාග තත්ත්වයට පත්ව සිටින 29 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.

 

Elon Musk විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය විසින් මෙම සැත්කම සිදුකරනු ලැබුවේ පසුගිය ජනවාරි
මාසයේ දී.

 

මිනිස් මොළයට බද්ධ කරන ලද මෙම චිපය මඟින් සිතුවිලි පරිඝනක මවුස් එකක් මගින් සිදුකළ හැකි බවයි
සඳහන් වන්නේ.

 

Elon Musk, සිය X ගිණුමට පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ චිප් එකක් මොළයට සවි කිරීමේ
සැත්කම පහසු කාර්යයක් වන අතර, එලෙස සිදුකළ පළමු සැත්කමට ලක්වූ පුද්ගලයා මනසින් විවිධ
ක්‍රියාකාරකම්වල නිරතවන බවයි.*

views

252 Views

Comments

arrow-up