“ආයේ නොආවත් තනියෙන් යා දෙනු බැරි හින්දා.. අම්මත් ගියාදෝ උකුළේ පුතු රන්දා...” - එකට අවසන් ගමන් ගිය මවක් සහ පුතෙකු ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

“ආයේ නොආවත් තනියෙන් යා දෙනු බැරි හින්දා.. අම්මත් ගියාදෝ උකුළේ පුතු රන්දා...” - එකට අවසන් ගමන් ගිය මවක් සහ පුතෙකු ගැන ඇහෙන කතාව

“ආයේ නොආවත් තනියෙන් යා දෙනු බැරි හින්දා.. අම්මත් ගියාදෝ උකුළේ පුතු රන්දා...” - එකට අවසන් ගමන් ගිය මවක් සහ පුතෙකු ගැන ඇහෙන කතාව

සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි.

 

ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇත.

 

එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබේ.

 

මිඳුලේ සෙල්ලම් කරමින් සිටි පුතු ගැන සොයාබැලීමට එම ස්ථානයට ගිය මව, සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බෙරා ගැනීමට උත්සාහ දරා ඇත.

 

එහිදී මවට ද විදුලි සැර වැදී ඇති අතර ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

 

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නීතිවිරෝධීව ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියේ විදුලිය ඒ වන විටත් විසන්ධි කර නොතිබුණු බවය.

 

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

370 Views

Comments

arrow-up