කලකට පසු මුණගැහුණු සහෝදරියෝ - චන්ද්‍රලේඛා ආදරණීය දියණියන් තිදෙනා එක්ක (PHOTOS)

''මෙල්බර්න් හැර යාමේ අමාරුම කොටස ඔබයි...''
මෙහෙම සටහනක් සමාජ මාධ්‍යයට එක්කාසු කරලා තිබුණෙ, ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා.
සටහනත් එක්ක ම ආදරණීය ඡායාරූපයක් ද පළකරලා තිබුණා.
ඡායාරූපය විශේෂ වෙන්නෙ කාලෙකට පස්සෙ ශ්‍යාමි නදීශා ද එහි පෙනී ඉන්නා නිසාවෙන්.
චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණියක වන ශ්‍යාමි නදීශා මේ වන විට පදිංචිව ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ බව ඔබ දන්නවනෙ.
ඇය දැන් දරු පැටවුන් තුන්දෙනෙක්ගේ මවක්.
ඉතින් පහුගිය දවසක 'රූකාන්ත ගුණතිලකයන්ගේ කලා පවුල ම' ඔස්ට්‍රේලියා සංචාරයක නිරත වුණා.
මේ ගමනෙදි තමයි අක්කලා, නංගිලා මේ විදියට මුණගැහිලා තිබුණෙ...
20952 Views
Comments