වැලිකඩ පොලිස් භාරයේ සිටියදී අවසන් ගමන් ගිය නිමේෂ් ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී අවසන් ගමන් ගිය නිමේෂ් ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න...

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී අවසන් ගමන් ගිය නිමේෂ් ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න...

වැලිකඩ පොලිස් භාරයේදී මියගිය  නිමේෂ්ගේ මරණය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා... 

 

මේ කියන්න හදන්නේ ඔහුගේ මරණය ගැන ඇසෙන අලුත්ම ආරංචිය ගැනයි...

 


වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහර දීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(30) නියම කළා.



ඒ අනුව අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළා.



ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

 



ඒ අනුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 



එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සාක්ෂිකරුවන්ට ලබන 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළා.

views

128 Views

Comments

arrow-up