හීන ගොඩක් එක්ක තවත් පරපුරක් සරසන්නට වරම් ලද ඇය නොසිතූ ඉරණමකින් නොපෙනෙන දුරකට යන්නම ගිහින් - ජීවිතය හැර ගිය චතූගේ කඳුළු කතාව

හීනම ගොඩක් හිතේ තියාගෙන ජීවිතේ ගෙවා දැමූ මේ කෙටි කාලය තුළ ඇයටත් කියන්න බොහෝ දේ ඇති..
ඒ වගේමයි අමාරු කාල පරිච්ඡේද ටික ටික ගෙවාගෙන ඇවිත් පතපු හැම හීනයක්ම සැබෑ වෙන්න පටන් අරගෙන වැඩි ඈතක් නෑ...
මනාලියක් වෙන්න, උපාධි ලෝගුව දෙවුර දරන්න, පුංචි කාලේ ඉඳලා දැකපු ගුරු හීනය සැබෑවක් කරගන්න චතුරිකාට පුළුවන් වුණා.. චතුරිකා විජේසූරිය.. මේ කියන්නේ ඇගේ ජීවිතයට කවුරුත් නොසිතූ නොපැතූ මොහොතක අත්වූ ඛේදනීය ඉරණම ගැන කතාවක්..
ඇයට හැමෝම ආදරේට කිව්වේ චතූ කියලා.. විශ්ව විද්‍යාල මිතුරු කැල අතරත්, පවුල , සමාජය ඇතුළේත් චතූ කියන්නේ හරිම ආදරණීය චරිතයක්.. ඒත් ඇයට අත්වූ අවාසනාවන්ත ඉරණම නිසා අද චතූ කවුරුත් නොපෙනෙන දුරකට ගිහින්...
ඇය විවාහ වෙලා වැඩි ඈත් නෑ.. ඒ විතරක් නෙවෙයි පුංචි කාලේ ඉඳලා දැකපු ගුරු හීනය ඇය සැබෑවක් කරගත්තේ මීට සති කිපයකට කළින්.. කොහොම වුණත් චතූ නොසිතූ මොහොතක ඇය සර්ප දෂ්ඨනයක් නිසා මේ වන විට ජීවිතයෙන් සමු අරන්...
හැකි ඉක්මනට චතූව රෝහල්ගත කළත්, ඒ වන විටත් ඇයව බේරා ගන්න වෛද්‍යවරුන් විශාල උත්සාහයක් දරා තිබුණා.. කොහොම වුණත්, ඒ සිදුවීමෙන් පසු ඇතිවූ රෝගී තත්ව කිහිපයක්ම ඇගේ මේ මරණයට හේතු වූ බවයි දැනගන්නට ලැබෙන්නේ..
චතූ තම මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට වගේම සැමියාට ගොඩක් ආදරණීය චරිතයක්.. ඒ බව ඇගේ ගුණ කියා හඬා වැලපෙන බොහෝ දෙනෙගේ කතාවලින් පැහැදිලි වෙනවා.. ඒත් අද ඒ කිසිවක් අසන්න ඇය අප අතර නැහැ..
හීන වෙනුවෙන් කැපවුණු, හින දිනන්න වෙහෙසුණු ආදරණීය චතූට බොහෝ දෙනෙක් නිවන්සුව පතන්නේ ඇයට අත්වූ මේ ඉරණම ගැන කම්පා වෙන අතරතුරයි.. ඉතින් ඇයට නැවත උපන්දින කිසිඳු ආත්මකයකදී මෙවන් අකල් මරණයක් අත් නොවේවා..!
446 Views
Comments