“ප්‍රේමය තරුණ අයට පමණක් නොව අපටත් පොදුයි..” - වයසට නොයන ආදරය ගැන වයස අවුරුදු 100දී මතක් කරදුන් අපූරු යුවළ (PHOTOS)

"ප්‍රේමය තරුණ අයට පමණක් නොව අපටත් පොදුයි.." ඇය ආදරය ගැන දැක්කේ අන්න ඒ වගෙයි..
ඉතින් මේ කියන්න යන්නේ තවත් වෙනස් වෙච්ච ආදර කතාවක්..
ඒ ආදර කතාව ඇතුලේ සැඟවිච්ච ගොඩක් දේවල් ඇති... අවුරුදු 80කට පස්සේ මෙන්න මේ කතාව ආයෙත් අලුත්වුණ අපූරුව බලන්නකෝ..
දෙවැනි ලෝක මහා යුද සමයේදී අමෙරිකානු හමුදාව විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික මෙහෙයුම සිහි කිරීමට පසුගියදා උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි මුහුදු තීරයේ පැවැත්වුණා..
හිට්ලර්ගේ ජර්මානු හමුදාවෙන් යුරෝපා රටවල් මුදා ගැනීම සඳහා නෙප්චුන් මෙහෙයුම නමින් එම මෙහෙයුම 1944 ජූනි මස 6 වැනිදා සිදු කර තිබූ අතර, "D-Day" සැමරුම ලෙස නම් කෙරුණු මෙය පසුගියදා පැවැත්වුණේ 80 වැනි සංවත්සරය මහත් උත්කර්ෂයෙන්...
අතරතුර අපූරු විවාහ මංගල්‍යයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.. මේ විශේෂ දවසේදී යුග දිවියට පිවිසී ඇත්තේ එම මෙහෙයුමට එක් වී සිටි අමෙරිකානු ගුවන් හමුදා නිලධාරියකු වූ මේ වන විට 100 mහැවිරිදි හැරල්ඩ් ටෙරන්ස් බවත්, ඔහුගේ මනාලිය බවට පත් වී ඇත්තේ ජීන් ස්වර්ලින් නමැති 96 හැවිරිදි කාන්තාවක බවත් විදෙස් මාධ්‍ය පවසා තිබුණා..
කොහොම වුණත් සුවිශේෂී සිදුවීම ගණනාවක් වුණ මේ D-Day 80 වැනි සැමරුමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් ද සහභාගි වී සිටියා..
286 Views
Comments