කැනඩා ගමනට හරියටම ඔහුට ඉතුරුවෙලා තිබුණේ දවස් දෙකයි.. ඒත් කවුරුත් නොසිතූ විදිහට ඔහුට ජීවිතයෙන් යන්න වෙලා..

හිතාගන්නවත් බැරි විදිහට ඔහුගේ ඉරණම වෙනස් වෙලා..
අඩු තරමේ ඔහුගේ හුස්ම නතරවෙන මොහොතේ සිට මේ වෙනකම් සිදුවූ කිසිවක් අදහා ගන්න බැරුව මේ තරුණයාගේ මව්පියන්, හිතවතුන් පවා කම්පාවට මත්වෙලා..
ඔහු රැකියාවට යාම සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබුණේ හරියටම මැයි 29 වෙනිදායි..
කැනඩාවට යාමට වාසනාව උදා වී තිබූ යාපනයේ තරුණයෙකු සිය මිතුරන්ට ඒ බව කියමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම යතුරුපැදිය පෙරළී ඊයේ මියගොස් තිබෙනවා..
මෙම අනතුර සිදුව ඇත්තේ යාපනයේ චාවාකච්චේරී පුතූර් ප්‍රදේශයේදී.. යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 22හැවිරිදි තරුණයෙක් මෙම අනතුරෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා..
අධික වේගයෙන් ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි චාවාකච්චේරී පොලීසිය පවසන්නේ..
මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා චාවකච්චේරී රෝහලට රැගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා..
405 Views
Comments